Breaking News

‍යටිපතුල් පැලීමට රහස් බෙහෙත් වට්ටෝරු



යටිපතුල් පැලෙන එකනම් ගොඩාක් අයට තියන ප්‍රශ්නයක්.  විශේශයෙන්ම කාන්තාවන්ට තමයි මේ ප්‍රශ්නෙ වැඩිපුරම දැනෙන්නේ. මොන තරම් ලස්සන සෙරෙප්පු දැම්මත් වැඩක් වෙන්නෙ නැහැ යටිපතුල් පැලිල කැතට පෙනෙද්දි.
ඒ වගේම මේ යටිපතුල් පැලෙන එක ලස්සනට විතරක් නෙවෙයි සෞඛ්‍යටත් බලපානව. පැලුන තැන්වලින් ඉතා කුඩා පණුවන් වර්ග වගේඑම වෙනත් විශබීජත් අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් අපි හොයල බැලුවා මේ ප්‍රශ්නෙට තියන විසඳුම් මොනවාද කියල. කඩේ නම් එක එක වර්ගවල ක්‍රීම් ජාති තියනව. ඒත් ඒව ස්වභාවික ප්‍රතිකාර නෙවෙයිනෙ. රසායනික ද්‍රව්‍ය පාවිච්චි කෙරුවාම එක ලෙඩක් හොඳ වෙනකොට වෙන ලෙඩක් මතු වෙනව. ඒත් ස්වභාවික කරම ප්‍රසිද්ඪ්හ කරනව අඩුයි. ඒවා රහස් විදියට තමයි හැමෝම තියාගෙන ඉන්නෙ. එතකොටනෙ ඒවට ඉල්ලුමක් ඇති වෙන්නෙ. ඒත් අපි හිතුව අපි හොයාගත්තු මේ රහස් වට්ටෝරු කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්න.

1වන ක්‍රමය

හාල් පිටි + මී පැණි + විනාකිරි



පිරිසිඳු භාජනයකට හාල් පිටි තේ හැඳි 2ක් හෝ 3ක් දමන්න. ඒට ප්ස්සෙ මී පැණි තේ හැන්දක් එකතු කරන්න. දැන් මිශ්‍රනයට විනාකිරි බිංදු 2ක් හෝ 3ක් එකතු කරල හොඳට කවලම් කරගන්න.
දැන් ලා රස්නෙ වතුරෙන් යටි පතුල් හොඳට හෝදල රෙදි කැබල්ලකින් පිහිදගන්න.
හදාගත්ත මිශ්‍රනය යටි පතුල්වල ආලේප කරල හෙමින් හෙමින් පිරිමදින්න.
විනාඩි 30කට විතර පස්සෙ ලා රස්නෙ වතුරෙන් සෝදන්න.
මේ විදියට නොකඩවා දවස් දෙකකට සැරයක් හරි දවස් තුනකට සැරයක් හරි කරන්න.

විනාකිරිවල තියෙන ඇසිඩ්වලින් යටිපතුලෙ තියන මැරුණු සම සහ වියළි සම මෘදු කරනවා. හාල් පිටිවලින් ඒ මැරුණු සහ වියළි සම ඉවත් කරල පිරිසිඳු කරනවා. මී පැනිවලින් යටි පතුලේ පැලුන කොටස් යා කරල සුවපත් කරනවා.

2වන ක්‍රමය



හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් අර්ගෙන පොඩි කරල තලපයක් හදාගන්න.
මතක ඇතුව හොඳින් ඉදුන කෙසෙල් ගෙඩි විතරක් පාවිච්චි කරන්න. අමු කෙසෙල්වල තියන ඇසිඩ් වර්ගය සමට අහිතකරයි.

මේ මිශ්‍රනය යටිපතුල්වල වගේම නියපොතු සහ ඇඟිලි අස්සෙත් හොඳින් ආලේප කරල විනාඩි 20 ක් විතර සෙමින් පිරිමැදල පිරිසිඳු වතුරෙන් සෝදන්න.

මේ ප්‍රතිකර්මය දිනපතා දවස් 14ක් 15ක් වත් කරන්න අවශ්‍යයි.

ඉදුණු කෙසෙල්වල විටමින් A , B6 සහ C අඩංගුයි. සමේ තෙතමනය, නිරෝගීබව වැඩි කරල පැලුන තැන් සුවපත් කරන්න මේ ප්‍රතිකාරයට පුළුවන්.

3 වන ක්‍රමය



නින්දට පෙර ලා රස්නෙ වතුරෙන් කකුල් හොදින් සෝදගෙන පිහිදගන්න.

ඊට පස්සෙ එළ්වලු තෙල් හෝ කෝමාරිකා ගහේ ‍යුශ යටි පතුල්වල ආලේප කර කපු රෙද්දෙන් මැසූ මේස් දෙකක් පැළඳගෙන නින්දට යන්න.
උදේට කකුල් හොඳින් සෝදාගන්න.

එළවලු තෙල්වල ප්‍රෝ විටමින් A, d, E අඩංගු වෙනවා. ඒ වගේම එළවලු තෙල් ලෙහෙසියෙන්ම සමට උරාගන්නවා. සමේ තෙතමනය සහ නිරෝගිබව ඇති කරල පැලුම් නැති කිරීමට උපකාරී වෙනවා.
කුමාරිකාවල විටමින් A (බීටා කැරොටීන්), C, E අඩංගු වෙනවා.

No comments