Breaking News

අලි ඇත්තු 1500ක් මැරුව බදුල්ලෙ ඒජන්තට කෙරුව සාපය


අලි ඇත්තු මරණ එක කරල තියෙන්නේ ඒ පළාතේ මිනිස්සුන්ගෙන්, හාමුදුරුවරුන්ගේ දැඩි විරෝදය මැද.  බැරිම තැන මිනිස්සු ඔහුට සාප කුරුවාලු මේ කෙරුව පවුවලට.....

යටත් විජිත සමයේදී සුද්දන් විසින් ලංකාවට සිදු කරන ලද විනාශය ඔබට සිතා ගැනීමටවත් නොහැකිතරම් කියල කිව්වොත් වඩා නිවැරදියි. රට පුරාම තිබුණ වනාන්තර, සත්තු, ගංගා දිය ඇලි කොච්චරනම් විනාශ කරන්න ඇතිද?

මේ අතටරින් වැඩිපුරම කතාබහට ලක් වුණ දෙයක් තමයි අලි ඇතුන් දඩයම. සුද්දො කම්මැලිකමට කෙරුවෙ අපේ රටේ හිටිය සත්තුන්ට වෙඩි තියල දඩයම් කරන එක. ඒ අතරින් අලි ඇත්තු පහසු ඉලක්ක වුණ නිසා සුද්දො වැඩිපුරම දඩයම් කෙරුවෙ අලි ඇත්තුන්ව. සුද්දො සේවකයො වට කරගෙන ගිහින් තමන්ගෙ පාඩුවෙ ගස්වල කොල කකා ඉන්න අලි ඇත්තුන්ව මැරුවෙ ලොකු වීරකමක් කරා කියල හිතාගෙන. මේ සුද්දො අතරින් ප්‍රසිද්ධම දඩයක්කාරයො කීපදෙනෙක් හිටියා.
මේජර් තෝමස් විලියම් රොජර්ස්, සැමුවෙල් බේකර් කියන දෙන්නා තමයි මේ අතරින් ලොකුම පවු කාරයො දෙන්නා.

මේ අතරින් මේජර් තෝමස් විලියම් රොජර්ස් 1824 ජනවාරි 04 ලංකාවට එන්නේ රයිෆල් බලකායේ මේජර්වරයෙක් විදියටයි. ඊටපස්සෙ ඔහු බදුල්ල සහකාර ආණ්ඩුවේ ඒජන්ත සහ විනිශ්චයකාර බවට පත් වෙනවා. ඔහුට ලැබුණ හැම නිවාඩුවෙදිම අලි ඇත්තු මරණ එක තමයි කරල තියෙන්නේ. ඒ පළාතේ මිනිස්සුන්ගෙන් වගේම හාමුදුරුවරුන්ගේ දැඩි විරෝදය මැද තමයි මේ දඩයම් කිරීම කරල තියෙන්නෙ. බැරිම තැන ඔහුට සාප කරාලු "මේ කරන පවු ඉක්මනටම පඩිසන් දෙනවාමයි කියල". අන්තිමට 1845 ජූලි 07 වෙනිදා හෙණ ගහල මැරෙණකොට අලි ඇත්තු 1500කට වඩියෙන් මරල තිබුණ කියල තමයි කියවෙන්නේ. හපුතලේ රාජකාරි ගමනක් ගිහින් එද්දි හිස මුදුනටම අකුණක් වැදිල කර වෙලා මැරුණ කියලයි සඳහන් වෙන්නේ.

මරුනට පස්සේ තෝමස්ගෙ සිරුර නුවරඑළියේ ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොනේ වලලලා තිබෙණවා. ඒ සොහොනටත් අකුණු ගහලා සොහොන් පලකය දෙකට පැළුනාලු. අදටත් ඒ පැලුන කොටස් එකතු කරල ආයෙත් සොහොන් පුවරුව හදපු සලකුණු තියනවා.

No comments