Breaking News

බුදු‍රජානන් වහන්සේගේ ඇත්ත පෙණුම



ඔබ බුදුරජානන් වහන්සේගේ පිළිම ඕනෑතරම් දැකලා ඇති. ඒත් ඒ බුදුන් වහන්සේගේ ඇත්ත රූපයද කියන ප්‍රශ්නය හිතේ ඇති වෙලා තියනවද?  අපිටනම් ඒ ප්‍රශ්නය මතු වුණා. ඉතින් අපි ඒ ගැන සොයල බැලුවා.

බුදුන් වහන්සේ ජේතවනාරයමයේ වැඩ සිටින කාලයේ නිතරම උන්වහන්සේගෙන් බණ ඇසීමට කුඩා ගැහැනු දරුවෙක් ගිහින් තිබෙනවා. ඉතින් බුදුන් වහන්සේගේ රෝපය මේ දරුවාගේ හිතේ තදින්ම ඇඳිල තිබුනලු. ඇය විවාහ වෙලා නිවුන් දරුවක් ද්දෙනෙක් ලබුනලු. මේ දෙන්නාටම හොඳ චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබිල. ඉතින් බුදුරජානන් වහන්සේගේ පරිණිර්වානයෙන් පස්සේ මේ නිවුන් දරුවන් දෙදෙනාත් අරගෙන බුද්දගයාවට ගිය කාන්තාව විශාල පලකයක බුදුන් වහන්සේගේ රූපය දරුවන් දෙදෙනා ලවා චිත්‍රයට නැගුවා කියල තමයි සඳහන් වෙන්නෙ. ඒත් ඒ චිත්‍රය කාලයත් සමඟ විනාශ වෙන්න ඇති කියල තමයි හිතන්නෙ.

මේ අතර තවත් අලුත් කතාවක් පුවත්පතක දකින්නට ලැබුණා. ඒ භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක් බුදුන්වහන්සේගේ සැබෑ රුව චිත්‍රයට නගන බවයි.
ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කිරීමට නොහැකි බව දක්වා තිඹුන අතර උන්වහන්සේගේ අදහස් මේ විදියට ඉදිරිපත් කරලා තුබුණා.
 මම කුඩා කාලයේ සිටම මහණකමට ප්‍රිය කල කෙනෙක්. ඒටත් මහණ වෙන්න ලැබුණෙ අවුරුදු 60 දී. දැන් මගේ වයස 78යි. මහණ වුණ දවසෙ ඉඳලම මට ඕනා වුණා බුදුරජානන් වහන්සේගේ සැබෑ රූපය මොන වගේද කියල දැනගන්න. දැනට අවුරුදු 2කට විතර කලින් මගේ සිතට යම් කෙනෙක් ඇවිල්ල මට ගමක නමක් කිවුවා. ඉතින් මම පහුවෙණිදා උදෙන්ම ගියා ඒ ගම්මානය හොයාගෙන. ඒ ගමේ  පන්සලේ තිබුණ බුද්ධ ප්‍රතිමාව මම සොයන බුදු රුවට සෑහෙන දුරට සමාන බව මට පෙණුනා. ඉතින් මම ඒ රූපයත් භාවිත කරල සැබෑ බුදුරුව නිර්මාණය කිරිමේ කටයුත්ත පටන්ගත්තා. මේ වැඩේට මම පුරාණ තොරතුරු ගොඩාක් භාවිත කරනවා. දැනට සෑහෙන දුරට කටුයුතු අවසානයි. රූපය සම්පූර්ණව කෙරුවට පස්සේ හැමෝටම බලගන්න දෙන්නම්.

ඉතින් උන්වහන්සේ ඒ රූපය අවසන් කෙරූ වහාම ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. දැනගැනීමට ලැබුණ කරුණු අනුව බුදුන් වහන්සේ පරිණිර්වානය කර පසුත් සියවස් කීපයක් යනතුරු උන්වහන්සේගේ පිළිම නිර්මාණයක් කරල නැහැ. එවැනි මපිළිම නෙලීම උන්වහන්සේට කරන අපහාසයක් විදියට තමයි ඒ කාලයේ මිනිසුන් සලකල තිබෙන්නේ. පසු කාලීනව මහායාන සම්ප්‍රදාය තුළින් තමයි පිළිම වන්දනාව ආරම්භ කරල තිබෙන්නේ.

No comments