ජීවිතයට රහස් - ආදරය කරන්න අවශ්‍ය සුදුසුකම් 5
ආදරේ කරන්නත් සුදුසුකම් තියෙන්න ඕන කිව්වොත් ඔබ පිළිගන්නවාද ? හිතන්නත් අමාරුයි නේද ? ඒත් අපි මේ කියන්න යන්නේ ආදරේ කරන්න අවශ්‍ය වෙන සුදුසුකම් 5ක් ගැනයි. සැබෑ ආදරයක් පටන්ගැනීමටත් පවත්වාගෙන යාමටත් මේ සුදුසුකම් 5 හුඟාක් අවශ්‍ය වෙනවාලු.
මේ අදහස හෙටී රොබෝට්ස් කියන ස්පාඥ්ඥ මනෝ වෛද්‍ය පර්යේශකයා තමයි ලෝකෙට ඉදිරිපත් කෙරුවෙ. ඔහු කියන විදියට ආදරේ කරන්න අවශ්‍ය මේ සුදුසුකම් 5 ලෝකෙටම පොදුයිළු. එහෙනම් අපි දැන් බලමු මොනවද මේ කියන්නෙ කියල.
1 වන සුදුසුකම
ආදරෙන් බැඳෙන්න අවශ්‍ය දෙන්නාගේ ජීවිතයේ අළුත් ආදරයකට අවශ්‍ය මානසික තත්ත්වයක් තිබිය යුතුයි. ඒ කියන්නෙ ස්ථාවර පිරිමියෙක්, අත දරුවෙක් ඉන්න ගැහැණියක්, ළඟදී ආදරය අහිමි වූ කෙනෙක් කියන තුන්දෙනාගෙන් සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ අය බොහෝ විට ආදරය කියා ළං වෙන්නේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා.
2 වන සුදුසුකම
ඔබේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ හිතේ ඔබ ගැන ආකර්ෂණයක් , අවධානයක් තිබිය යුතුය. නැතහොත් ඔබේ ජීවිතයේ අපහසු අවස්ථාවලදී ඔබ ලඟ සිටින කෙනෙක් විය යුතුය.
3 වන සුදුසුකම
ඔබ ආදරය කරන්නා ඔබේ ආදරණීය සිහිනවලට සමාන සිහින ඇති කෙනෙක් විය යුතුය. එසේ නැතිනම් ඔබේ සිහින වෙනුවෙන් ඔහුගේ සිහින වෙනස් කරගැනීමට කැමත්තක් ඇති කෙනෙක් විය යුතුයි.
4 වන සුදුසුකම
ඔබ ළඟින් නැති විට ඔබේ අඩුව දැනෙන කෙනෙක් විය යුතුය. ඔබටත් ඒ අයුරින්ම අනෙකාගේ අඩුව දැනිය යුතුයි.
5 වන සුදුසුකම
ඔහු හෝ ඇය ඔබට ආදර ප්‍රකාශ කිරීමට පෞර්ශයක් තිබිය යුතු කෙනෙක් විය යුතුයි. සම්බන්ධයක් ආරම්භ කිරීමේදී වගේම සම්බන්ධයක් පවත්වාගෙන යාමේදීත් මේ දේ හුඟාක් වැදගත් වෙනවා.
ඔන්න ඉතින් ඕවා තමයි ඒ සුදුසුකම් 5. සමහර වෙලාවට ඔයාලගෙ අදහස් මීට වඩා වෙනස් වෙයි. අපි මේ ඉදිරිපත් කෙරුවෙ මනෝ වෛද්‍යවරයෙක් ප්රීක්ශනය කරල ඉදිරිපත් කෙරුව කරුණු.
No comments