මුහුදු පතුලේ පණ අදිමින් ලියූ අවසාන ලිපිය. ( විශාලතම සබ්මැරීන් අනතුර )
උදේ 11.30ට මහා පිපුරුම් සද්ද දෙකක් ඇහුනා. ටර්පිඩෝ බෝම්බ වෙන්න ඕන පිපුරුවේ. අපි හිටියෙ සබ්මැරීන් එකේ පිටිපස්සෙ කොටසෙ. ඉස්සරහ කොටසෙ මොනව වුණාද කියල දන්නෙ නැහැ. දැනට ඉතුරු වෙලා ඉන්නෙ අපි 23 දෙනෙක් විතරයි. අපිටත් කොච්චර වෙලාවක් ජීවත් වෙන්න ලැබෙයිද කියල දන්නෙ නැහැ. අපි දන්නව අපේ අවසානය ළඟයි කියල. අපි අපේ පවුල්වල හැමෝම මතක් කෙරුව කියල කියන්න.
මීට කර්ස්ක් නාවික කණ්ඩායම.
ඒ ලොව විශාලතම සබ්මැරීන් අනතුරෙන් පසු අඩි සිය ගණනක් මුහුද ගැඹුරේ සිර වී ජීවිතයේ අවසන් හුස්ම කීපය ගනිමින් සිටි නාවිකයෙක් ලියූ අවසන් ලියුමයි.
රුසියාව සහ ඇමරිකාව අතර පැවතුන සීතල යුද්ධයේ ඉතා උණුසුම් කාලයක් වූ 2000 අගෝස්තු 15 වෙනිදා වෙනදා උදෑසනත් ගැඹුරු බරන්ට් මුහුද බොහොම නිසලව තිබුණා. හරියටම පෙ.ව. 11.30 ගැඹුරු මුහුදේ පිපිරීමක් සිද්ධ වුණා. මේ පිපුරුම කොච්චර ප්‍රභලද කියනවනම් ඈතින් පිහිටි ඇලස්කාවට භූමිකම්පාවක් පවා ඇති වුණා. එය රිච්ටර් මාපකයේ 4.2 ක භූ කම්පනයක් විදියටයි සටහන් වුණේ.
මේ පිපිරීමත් සමඟම කර්ස්ක් සබ්මැරීනය සමඟ තිබූ සම්බන්ධතාවය විසන්ධි වීමත් සමඟ රුසියානු ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරීන්ගේ ඉහමොළ රත් වෙන්නට වුණා. මෙය සතුරු ප්‍රහාරයක්ද ? කුමන්ත්‍රණයක්ද ? අත්වැරදීමක්ද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
මේ සිදුවීම වෙද්දි රුසියානු ජනාධිපති හිටියෙ නිවාඩුවක් ගත කරමින්. වහාම නිවාඩුව අවලංගු කරපු ඔහු මේ ගැන සොයා බලන්නට වුණා. එකළඟ පිපිරීම දෙකක් සිදු වී තිබුණ අතර ස්ථානය හරියටම සොයාගන්නට පැය 16ක් ගත වුණා.
මුලින්ම මත 4ක් ඉදිරිපත් වුණා.
1 - මෙය 2වන ලෝක යුද්ධය කාලයේ ගැඹුරු මුහුදේ වල තැන්පත් වූ බෝම්බයක් හේතුවෙන් වුණ පිපිරීමක්.
2 - පුහුණු වීම් සඳහා භාවිත කරන බෝම්බයක් හේතුවෙන් වුණ පිපිරීමක්.
3 - අත් වැරදීමක් නිසා සබ්මැරීනය ඇතුලත ඇති මිසයිල පද්ධතියේ සිදු වුණ පිපිරීමක්.
4 - සතුරු ප්‍රහාරයක්.
මේ අතර ලෝකය පුරාම විශේශඥ්ඥයින් මේ පිපිරුම ගැන විවිධ අදහස් පළ කරන්නට වුණා. බොහෝ දෙනා පැවසුවේ රුසියව විසින් අළුතින් නිර්මාණය කෙරූ අධි වේගී රහස් ටර්පිඩෝවක සිදු වූ දෝශයකින් මෙම පිපිරීම වී ඇති බවයි. නමුත් රුසියාව මෙය ප්‍රතික්ශේප් කෙරුවා. නමුත් ඒ ආසන්නයේ තිබූ ඇමෙරිකානු සබ්මැරීනවලින් හෝ වෙනත් රටවල සබ්මැරීනවල්වලින් උදවු ලබා ගැනීමට උනන්දු නොවීම හැමදෙනාගේම සැකයට හේතු වුණා.
අවසානයේදී වෙනත් රටක සහය ලබා ගැනීමට අවශ්‍ය බව රුසියාට තේරුම් ගියා. ඔවුන් නෝවේ සහ බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් උදවු ඉල්ලා සිටියා. වහාම සහයට පැමිණි ඒ රටවල්වල නැව් සහ සබ්මැරීන මඟින් අනතුරට ලක්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුවා. සාමන්‍ය මිනිසෙක් පුපුරා යන තරමේ පීඩනයක් තිබූ සාගර පතුලෙ කෙරුව මේ මෙහෙයුම් ඉතාම අසීරු වුණා. සැලසුම වුණේ අඩි ගණනක් පළල සබ්මැරීනයේ යකඩ බඳ වතුර යට පාස්සන විශේශ උපකරණවලින් කපලා ඇතුළු වීමයි. මෙහිදී මිසයිල පද්ධතියේ තිබුණු ඉතුරු මිසයිල පිපිරීයාමට ඕනෑම අවස්ථාවක ඉඩ තිබුණා. නමුත් මුදාගැනීමේ කණ්ඩායමේ තිබූ දක්ෂතාවය නිසා සාර්ථකව සිදුරක් කපාගෙන සබ්මැරීනයට ඇතුල් වෙන්නට ඔවුන්ට පුළුවන් වුණා. ඒත් ඒ වන විටත් සම්බ්මැරීනය තුළ හිටපු 118 දෙනාම මියගොස් තිබුණා.
පරීක්ෂණවලින් හෙළි වුණේ ටර්පිඩෝ මිසයිලවල සිදුවුණ හයිඩ්‍රිජන් ෆෙරොක්සයිඩ් ද්‍රව කාන්දු වීමක් මේ අනතුරට හේතු වුණ බවයි. වැඩි දෙනෙක් පිපිරීම සිදුවුණ අවස්ථාවේදීම මියගොස් තිබුණ අතර ඉන් දිවි බේරාගත් 23 දෙනෙකු පැය 5ක් පමණ අවසන් ඔක්සිජන් ටික හුස්මගනිමින් මරණය වෙත ළඟා වී ඇති බවයි. අනතුරට පත්වූවාන් බේරාගැනීමට පමා වීම ගැන ජනතාව රුසියානු රජයට චෝදනා කෙරුව අතර සිදු වීම් ඉතිහාසයට එක් වුණා.
No comments