Breaking News

මාළුන්ගෙ කට ඇතුලෙ ඉන්න භයානක සතෙක් සොයා ගනී



මාළුවන්ගෙ කට තුල සිටින අමුතු සත්වයෙක් සොයාගෙන තිබෙනවා. දරුණුම ආකාරයේ පරපෝශිතයක් වන මේ සත්ත්වයා ඕනෑම මාළුවෙකුගේ කට තුල සිටිය හැකි බවටයි පැවසෙන්නේ.

මේ සත්ත්වයා මුළින්ම දැක්කෙ බ්‍රසීලයේ ධීවරයන්. මාළු දැල්වලට පැටළුන මාලුගෙ කට ඇතුලෙ අමුතු සතෙක් ඉන්නව දැකපු ධීවරයන් මේ ගැන බ්‍රසීල රජයේ නිළධාරීව දැනුවත් කෙරුවා. ඊට පස්සෙ තමයි මේ අමුතු සත්ත්වයා ගැන ලෝකෙට අනාවරණය කරන්න විද්‍යඥ්ඥයන්ට පුළුවන් වුණේ.

බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ සහ නෝර්ටේ වෙරළබඩ මුහුදු ප්‍රදේශයෙන් 2006 වසරේදී හමු වුණ මේ සත්ත්වයා අමුතුම ආකාරයේ ප්‍රරපෝශිත සත්ත්වයෙක්.



මේ සතාව හැඳින්වුනේ tounge eating louse කියලයි. ඒකට හේතුව මේ සතා හැදෙන්නෙ මාළුන්ගෙ දිවේ. කරමල්වලින් මාළුවාගේ ඇඟට ඇතුලු වෙන මේ සතා මාළුවගෙ දිවට ඇවිත් උගේ සැර නියපොතුවලින් මාළුවගෙ දිව තදින් අල්ලගන්නවා. ඊටපස්සෙ නියපොතු සැරට මාළුවගේ දිව ටිකෙන් ටික මැරෙන්න පටන්ගන්නවා. ඊට පස්සෙ තමයි පුදුම සහගත දේ වෙන්නේ. මාළුවාගේ දිවේ ඉස්සරහ කොටස ටිකෙන් ටික මැරෙන ගානේ මේ සතා මාළුවගේ දිව විදියට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ මාළුවගේ දිව තමයි මේ අමුතු සත්ත්වයා. ඒ කියන්නෙ මේ සතා මාළුවගේ ඇඟේම කොටසක් බවට පත් වෙනවා. එතනින් පස්සෙ මාළුවට මේ සතා නැතුව ජීවත් වෙන්න බැහැ.



හැබැයි මේ එක සතෙක් හිටියා කියල මාළුව මැරෙන්නේ නැහැලු.  සත්තු දෙතුන් දෙනෙක් කට ඇතුලෙ බෝ වුණාට පස්සෙ උන් මාළුවාගේ ඇඟේ තියන පෝෂණය ඔක්කොම උරාගන්න නිසා තමයිළු මාළුවා ටිකෙන් ටික දුර්වල වෙලා මැරෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි, ඊටත් වඩා පුදුම දෙයක් මේ සතා ගැන සොයාගන්න විද්‍යාඥ්ඥයන්ට පුළුවන් වුණා. මෙ සතා මාළුවගේ ඇඟට ඇතුල් වෙද්දි පිරිමි සතෙක්ළු. ඒත් මාළුවගේ දිව විදියට සම්බන්ධ වුණාට පස්සෙ ගැහැණු සතෙක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සෙ රසායනිකයක් සිරුරෙන් පිට කරන වට පිටාවෙ තියෙන වතුරවල දියවෙලා පැතිරෙන විදියට. එතකොට ඒ අවට ඒ ජාතියෙ තවත් සත්තු ඉන්නවානම් උන්ට ගැහැණු සතෙක් වීමේ හැකියාව නැතුව යනවළු. මොකද, ඌට අවශ්‍ය තවත් පිරිමි සතෙක් මිස ගැහැණු සත්තු නෙවෙයිනෙ.



මේක ස්වභාවධර්මය විසින් නිර්මාණය කෙරුව තවත් එක අරුම පුදුම ජීවන රටාවක් කියල තමයි පරිසරවේදීන් කියන්නෙ. ඒත් මුහුදේ ඉන්න සත්තුන්ටනම් මේ ප්‍රපෝශිත සතා භයානක හොල්මන් හීනයක් වගේ වෙන්න ඇති.


No comments